ජනාධිපතිවරණය සඳහා වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 5551ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
මෙහිදී ගතවූ පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි 337 ක් ලෙස වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා.
මෙහිදී පැමිණිලි 336ක් ම වාර්තා වන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.
ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් මේ වන විට 4929 ක් විසඳා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා.