/
/
title icon ජනාධිපති ධූර අපේක්ෂකයන් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ ලබාගන්නා ඡායාරූප පස්වරු 4 න් පසු මාධ්‍යයට මුදා හැරේ.
ජනාධිපති ධූර අපේක්ෂකයන් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ ලබාගන්නා ඡායාරූප පස්වරු 4 න් පසු මාධ්‍යයට මුදා හැරේ.
Nawodya Thayangani
2 months ago
Share:
ජනාධිපති ධූර අපේක්ෂකයන් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ ලබාගන්නා ඡායාරූප පස්වරු 4 න් පසු මාධ්‍යයට මුදා හැරේ.

2024.09.21 දින ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂකයන් ඡන්ද ප්‍රකාශ කරන අවස්ථාව ප්‍රචාරය හා සංරක්ෂණය කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ අනුමැතියලත් මාධ්‍යවේදීන් විසින් එම අවස්ථාව ආවරණය කරනු ලබනවා.

එලෙස ලබාගන්නා දර්ශන රූප රාමු ඡන්දය ප්‍රකාශ කරන දින පස්වරු 4.00 න් පසුව සියලුම මාධ්‍ය වෙත මුදා හැරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

යම් හෙයකින් ජනාධිපති ධූර අපේක්ෂකයන් ඡන්ද ප්‍රකාශ කරන අවස්ථාවට අදාළ වීඩියෝපට / දර්ශන පස්වරු 4.00 ට පෙර ලැබුණහොත් ඒවා පස්වරු 4.00 වන තුරු කිසිදු ආකාරයෙන් මාධ්‍ය හරහා විකාශය නොකිරීමට කටයුතු කරන බවයි තවදුරටත් දන්වා ඇත්තේ.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required