මේ වන විට පැවැත්වෙමින් තිබෙන ජනාධිපතිවරණයේ ප්‍රාදේශීය මට්ටමින් ඡන්ද ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි, මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
දිවයිනේ සියලු ම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දය ගණන්කිරීමේ කටයුතු පස්වරු 8ත් 9ත් අතර කාලයේ දී ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.
එමෙන් ම දිවයිනේ සෑම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානයක ම ගණන්කිරීමේ කටයුතු ආරම්භ කිරීම එම ප්‍රදේශයට අයත් සෑම ඡන්ද මධ්‍යස්ථානයක ම ඡන්ද පෙට්ටි ලැනීමෙන් අනතුරුව සිදු කිරීමට නියමිතයි.
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 712,318 (හත්ලක්ෂ දොලොස්දාස් තුන්සිය දහ අටක්) බව ද, ඉන් 6,200ක් හැරෙන්න අනෙක් සියලු දෙනා නිකුත් කළ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කර තිබූ බව ද සඳන් කළා.
දිවයිනේ පිහිටි ගණන්කිරීමේ මධ්‍යස්ථාන 429ක තැපැල් ඡන්ද ගණනය කිරීම සිදු වෙන බවත්, එම කටයුතු ප.ව. 4ට ආරම්භ කරන බවත් මෙහි දී ඔහු ප්‍රකාශ කළා.