ශ්රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර තේරී පත්ව තිබෙනවා.
ඔහු ඊයේ පැවැති ජනාධිපතිවරණයෙන් සමස්ත ලංකාවෙන්ම ඡන්ද සහ මනාප 5,740,179 ක් ප්රමාණයක් ලබා ගනිමින් සියලු ප්රතිවාදී අපේක්ෂකයින් අභිබවා ජයග්රහණය හිමිකරගෙන තිබෙනවා.
පැවති තීරණාත්මක මුහුණුවර හේතුවෙන් දෙවැනි වර මනාප ගණනය කිරීමට සිදුවීම මෙවර ජනාධිපතිවරණයේදී සිදු වූ සුවිශේෂී සිදුවීමක්.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ නායකයා වන අතර දශක දෙකක කාලයක් මෙරට පාර්ලිමේන්තු දේශපාලනයේ බොහෝ අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු ලෙස හැඳින්විය හැකියි