අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කළා.
ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිවරිය ලෙස ඉතිහාසගත වෙනවා.
2020 මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ ඇය දේශපාලනයට පිවිසීමට පෙර නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ඡ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනු ලැබුවා.
ඇය කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර සිය උසස් අධ්‍යාපනය සඳහා විදේශගත ව හදාරා තිබෙනවා.
ඇය සිය ප්‍රථම උපාධිය ලෙස සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය දිල්ලි විශ්වවිද්‍යාලයෙන් හිමිකරගනු ලැබුවා.
එමෙන් ම සිඩ්නිහි මැක්වරි විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ඇය සතුයි.
2011 දී ඇය එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලවලින් සමාජ මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි කර ගෙන තිබෙනවා.