
අද මැදියම් රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමටයි පියවර ගැනුණේ.
ගැසට් නිවේදනයට අනුව ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතයි.
මහමැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පවත්වනු ඇති.
අභිනව පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 වැනිදා පළමුවරට රැස්වීමට නියමිතයි.