
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.
මේ අතර, ජාතික රුපවාහිනියේ සේවය කළ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන ප්‍රියන්ත වෙදමුල්ල මහතා ස්වාධින රුපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උදිත ගයාෂාන් මහතා පත් කර ඇති අතර ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම සියලු පත් කිරීම් සිදු කර තිබෙනවා.