අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළමු වරට අද ජාතිය අමතනු ලැබුවා.
එහිදී ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීර්ණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බවයි.
ඒ සම්බන්ධ කටයුතු කඩිනමින් අවසන් කර ණය සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.
ඊට ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබාගත හැකි බවට විශ්වාසය පල කරන බවද ඔහු සඳහන් කළා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරට දේශපාලන සංස්කෘතියේ අයහපත් දේ ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
එසේම, රට ගොඩනැගීමට අවංකව සම්බන්ධ වන සියලු දෙනාට දොරටු විවෘත බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.