/
/
title icon
මහනුවර ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
මහනුවර ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
Wasana Wickramasingha
5 months ago
Share:
මහනුවර ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

පොල්ගොල්ල ජලාශයේ සිදු කිරීමට නියමිත නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

පොල්ගොල්ල ජලාශය හිස් කිරීමත් සමඟ විසල් මහනුවර හා පොල්ගොල්ල ජල පවිත්‍රාගාරවලට 28 වැනිදා සහ 29 වැනිදා යන දෙදින තුළ ජලය ලබා ගැනීමේ හැකියාවක් නොපවතින බැවින් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, සෙනසුරාදා අලුයම 01 සිට සැප්තැම්බර් 30 වන දා පස්වරු 06 දක්වා පැය 65ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බවයි, එම මණ්ඩලය දැනුම් දෙන්නේ.

මහනුවර නගර සභා බලප්‍රදේශයට, හාරිස්පත්තුව, පූජාපිටිය, පාතදුම්බර සහ අකුරණ ජල සම්පාදන ක්‍රමවලට අයත් ප්‍රදේශවලට, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන සහ වලල යන ප්‍රදේශ හා විසල් මහනුවර ජල පවිත්‍රාගාරයේ ජලය බෙදාහරින මාවතගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required