මේ වන විට වෙළෙඳපොළෙහි බිත්තර මිල රුපියල් 28ත් 35ත් අතර පවතින බැවින් ඊට සාපේක්ෂව බිත්තර ආශ්රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ අනුව එම වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගත යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා තවදුරටත් සඳහන් කළා.