අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව වූයේ, විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් 2කට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කළේය යන්නයි.
අදාළ අඩුවී ඊයේ දින කැඳ වු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.
අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.