/
/
title icon දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Wasana Wickramasingha
1 month ago
Share:
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2023/2024 තක්සේරු වර්ෂයට අදාළ සියලුම ආදායම් බදු මුදල් ලබන සඳුදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතුව ඇතැයි දේශීය ආදයම් දෙපාර්තමේන්තුව පවසනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කර ඇත්තේ, යම් තැනැත්තෙක් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් කිරීමට සිදුවන බවයි.

එසේම, යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇති වූ හිඟ බදු පවතී නම් ඒ සියල්ලම ලබන සඳුදාට පෙර ගෙවා අවසන් කළ යුතු අතර සඳුදාට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟ බදු පවතී නම්, ඒවා අයකර ගැනීමට දේශීය ආදායම් පනතේ සඳහන් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required