/
/
title icon පාසල්වල උත්සව සඳහා මුදල් එකතු කිරීම තහනම්
පාසල්වල උත්සව සඳහා මුදල් එකතු කිරීම තහනම්
Wasana Wickramasingha
2 weeks ago
Share:
පාසල්වල උත්සව සඳහා මුදල් එකතු කිරීම තහනම්

පාසල්වල ලෝක ළමා දිනය හා ගුරු දිනය ඇතුළු විවධ උත්සව සැමරීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් විවිධ පැමිණිළි අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිරන්තරයෙන් වාර්තා වන බව අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කරනවා.

මේ හේතුවෙන් මව්පියන් හා සිසුන් පීඩාවට පත්වන බවයි ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඇය අවධාරණය කර සිටින්නේ මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බවයි.

උත්සව පැවැත්වීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සිදු නොකළ යුතු බවයි පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යක්ෂවරුන්, රජයේ හා අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් සහ පරිවේණාධීපති හිමිවරුන්ට ලිපියක් යොමු කරමින් ලේකම්වරිය අවධාරණ කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required