
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන ගිය කාන්තාවක් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහ සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය අනුව යමින් අදාළ වැටලීම් කටයුතු සිදුකර තිබෙනවා.
එහිදී, දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ යෙදුන හෝමාගම ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 40 ක් වන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු අතුරුගිරිය පොලිසිය විසින් සිදුකරගෙන යමින් පවතිනවා.