එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූයේ යැයි චෝදනා ලත් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා සහ පක්ෂ සාමාජිකයින්ට එරෙහි සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වන දින සිදු කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියම කර තිබෙනවා.
2016 පෙබරවාරි 6 වැනි දින, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබුණා.