/
/
title icon ඔබ ඔබට ආදරෙයිද?
ඔබ ඔබට ආදරෙයිද?
Uresha Perera
2 weeks ago
Share:
ඔබ ඔබට ආදරෙයිද?

ඔබ මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන පුද්ගලයා කවුද කියලා ඔබෙන් ඇහුවොත් ඔබේ පිළිතුර කුමක්ද? සමහර කෙනෙක් කියයි අම්මා,තාත්තා එහෙම නැත්නම් පෙම්වතා පෙම්වතිය කියලා.හැබැයි ඔබ ඇත්තටම හිතලා බැලුවොත් ඔබ වැඩියෙන්ම ආදරේ කළ යුත්තෙ ඔබට කියලා දැනේවි.

අද වන විට අප ජීවත් වන්නේ ඉතා වේගවත් මෙන්ම කලබලකාරී ලෝකයක බව හොදින් දන්නා දෙයකි.මෙම තත්ත්වයට අනුගත වීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට සිදු වේ.එසේ නොවුණහොත් අපට තව දුරටත් සමාජය හා මුහු වීමට නොහැකිය.එසේ හෙයින් ඒ ජීවන රටාවට අප අනුගත විය යුතුය.
කෙසේ වෙතත් මෙම කලබලකාරී ජීවන අරගලය තුළ දී තමාට තමා පිළිබඳව සිතීමට තමා වෙනුවෙන් කාලය ගත කිරීමට පවතින කාලය ඉතා අල්පය. එසේ හෙයින් තමාට තමාව අත හැරී යා හැකිය.සිතේ සතුට ප්‍රබෝදමත් බව  ගිලිහී යන්නට ඉඩ ඇත.

ලෝකය දිව යන වේගයට අපද දිව යා යුතු සේම අවශ්‍ය අවස්ථාවන්වලදී විවේකීව තමන් වෙනුවෙන් කාලය ගත කරන්නට ඉඩ කඩ ලබා ගත යුතුය. තමා සමගම තමන් ගත කරන කාලය ජීවිතයේ සතුටුදායකම මොහොත බව දැනිය යුතුය.එය අත් විදිය යුතුය.තමාගේ ජීවිතය දෙස ආපසු හැරී බැලීමටත් එහිදී සිදු වූ වැරදි අඩු පාඩු මගහරවා ඉදිරි ජීවිතය සුන්දර කර ගැනීමටත් ඒ තුළින් අපට මග පාදයි.ජීවිතේ තුළදී මුහුණ දෙන වසන්ත කාලයන් මෙන්ම දුෂ්කරම කාර්තු ගෙවා ගන්නට හොඳ අත්දැකීමක් ඒ තුළින් ලැබෙනු නිසැකය.


"You are what you believe yourself to be.” 
                                                                     Paulo Coelho

පාවුලෝ කොයියෝ දක්වන පරිදි ඔබ ඔබම යැයි විශ්වාස කිරීම තමා තමාටම ආදරය කිරීමකි.තමන්ට තමන් සමග තනි වෙන්න පරිසරය එක්ක මුහු වෙන්න , තමාගෙ මානසික සුවය වගේම රූපය පිළිබඳව හිතන්න කාලය වෙන් කරන්නම ඕන කියලා මම හිතනවා.නිදහස් පරිසරයකට වෙලා උණු උණු තේ එකක් කෝපි එකක් බොන ගමන් පොතක් , චිත්‍රපටයක් බලන්න තමන්ගෙ අනාගත සැලසුම් ගැන හීන දකින්න මිනිස්සු කොච්චර ආසද කියලා සමාජ මාධ්‍ය දකිද්දි අපට පේනවා.ඉතින් ඇත්තටම මොන විදියකින් හරි අපි අපිට ආදරේ කරන්න කොච්චර කාලයක් වෙන් කරනවද?

උරේෂා පෙරේරා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required