
තානාපති කාර්යාල හා සම්බන්ධ විදෙස් සේවයට ලබාදී ඇති සියලු දේශපාලනික පත්කිරීම් වහාම අවලංගු කර ඔවුන්ව මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා.
එම දේශපාලනික පත්කිරීම් අතුරින් බොහෝමයක් හිටපු මැති ඇමතිවරුන්ගේ හිතවතුන් වන බවත් ඔවුන් කිසිදු රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් හෝ පළපුරුද්දක් සහිත අය නොවන බවත් අනාවරණය වී තිබෙනවා.
එවැනි පත්කිරීම්වලින් විදෙස් තානාපති කාර්යාලවලට කිසිදු ප්‍රයෝජනයක් නොවන බවයි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රජයට පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව, ඉදිරි දින කිහිපයේදී මෙම දේශපාලනික හිතවත්කම් හා ඥාති සම්බන්ධතා මත පත්කර ඇති සියලු විදෙස් සේවයේ නිරත පුද්ගලයින් මෙරටට කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.