
හංවැල්ල, නෙළුවන්තුඩුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ, 55ක් හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු නිවසේ සිටියදී මෙම වෙඩිතැබීමට ලක්ව තිබෙනවා.
මෘත ශරීරය මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, T-56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.
වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.