ඔක්තෝබර් මාසයට අදාළව ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
එම සමාගම පෙන්වා දෙන්නේ, ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන තත්ත්වයක් පැවතියත්, ලිට්රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690කටත්, කිලෝගෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,482කටත් අලෙවි කරනු ඇති.
කිලෝග්‍රෑම් 2.3 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක්.