
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂය සමඟ එක්ව තිබෙනවා.
එසේම,හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස අද සිය පත්වීම ලබාගෙන තිබෙනවා.
මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද මව්බිම ජනතා පක්ෂය හා එක්ව ඇති අතර ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ සංවිධායකවරයා ලෙසයි පත්කර ඇත්තේ.
එමෙන්ම, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා ද මව්බිම ජනතා පක්ෂයේ කටාන ආසන සංවිධායක ලෙස දිලිත් ජයවීර මහතා අතින් පත්වීම් ලබාගෙන තිබෙනවා.