/
/
title icon කියුබානු තානාපතිවරයා හා ජනපති අතර හමුවක්
කියුබානු තානාපතිවරයා හා ජනපති අතර හමුවක්
Wasana Wickramasingha
1 month ago
Share:
කියුබානු තානාපතිවරයා හා ජනපති අතර හමුවක්

අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර එහිදී දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතාව තව තවත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

ඩෙංගු මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා ද කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දීමට පොරොන්දු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඩෙංගු උවදුර  මර්ධනය කිරීමේදී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව පෙන්වා දී ඇති මෙරට කියුබානු තානාපතිවරයා, ශ්‍රී ලංකාවෙන් ද ඩෙංගු උවදුර තුරන් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, පසුගිය  ජනාධිපතිවරණයේදී ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත කියුබානු තානාපතිවරයා සිය උණුසුම් සුබ පැතුම් ද පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required