වසරකට මෙරට දරුවන් 3500 ක් පමණ බරපතළ අපරාධවලට ගොදුරු වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.
නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර මහත්මිය සඳහන් කරන්නේ සුළු අපරාධ වලට ගොදුරු වන ළමුන් සංඛ්‍යාව ද 1,500 ක් පමණ වන බවයි.
අන්තර්ජාලය ඔස්සේ මෙරට ළමුන් විවිධ හිංසන වලට ගොඳුරු වන නමුත් එම තත්ත්වයෙන් ළමුන් මුදවා ගැනීම දුෂ්කර වී ඇති බවයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් පවසන්නේ.
මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිසිය ළමුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් වැඩ සටහන් රැසක්ම ක්‍රියාත්මක කරමින් සිටින බව ද සඳහන්.