ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අනිද්දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පළමු හමුව මෙයයි.
එසේම, ජනපති ධුරයට අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් අනතුරුව දිවයිනට පැමිණෙන පළමු ප්‍රධාන පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේද ඔහුයි.