/
/
title icon ලෝක ළමා දිනය දා තායිලන්තයේ මහා ඛේදවාචකයක්.
ලෝක ළමා දිනය දා තායිලන්තයේ මහා ඛේදවාචකයක්.
Uresha Perera
1 month ago
Share:
ලෝක ළමා දිනය දා තායිලන්තයේ මහා ඛේදවාචකයක්.

තායිලන්තයේ බැංකොක් නුවර ආසන්නයේදී පාසල් සිසුන් හා ගුරුවරුන් ඇතුළුව 44 දෙනෙකු සමගින් ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක හදිසියේම ඇති වූ ගින්නක් හේතුවෙන් එහි ගමන් කරමින් සිටි දරුවන් 22ක් හා ගුරුවරුන් තිදෙනෙක් ඇතුළුව 25දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර බස් රථයේ ඇති වූ ගින්නට හේතුව තවමත් වාර්තා වී නොමැත. විනෝද චාරිකාවක් ගොස් පැමිණෙන අතරතුර ඔවුන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත.
මුළු ලෝකයම දරුවන් වෙනුවෙන් වෙන් කළ දිනය සමරන එවන් ලස්සන දවසක අසන්නට ලැබුණු මෙම අනුවේදනීය ඛේදවාචකය මුළු ලොවම සලිත කරවන්නට විය.

උරේෂා පෙරේරා.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required