
කැණීම් සිදු කර එයින් ලබා ගන්නා ලද මිල කල නොහැකි මැණික් ,දුර්ලභ ගණයේ පිළිම හා මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට පත්ව තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොණරාගල කලාපය බාර පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, පස්සර පොලිස් වසමේ පරමංකඩ ප්‍රදේශයේ දී මෙම වැටලීම් සිදුකර තිබෙනවා.
එහිදී ඉතා දුර්ලභ ගණයේ විවිධ බරින් හා විවිධ පැහැයෙන් යුත් මැණික් ගල් 11 ක්, රන් පැහැති මංජුසාවක්, රිදී පැහැති බුදු පිළිමයක් සහ තඹ පැහැති ඇත් පිළිම 03 ක් හමුව තිබෙනවා.
ඒ අනුව, වයස අවුරුදු 26 සහ 63 වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පස්සර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි සඳහන් වන්නේ.