
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර තිබෙනවා.
අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඒ මහතා වෙත භාර දෙනු ලැබුවා.