දීර්ඝ කලක සිට හොර රහසේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව කලාපය බාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණයෙන් සෙට්ටිකුලම් කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එල්.එස්. ගුරුසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින ඊච්චන්කුලම් පොලිස් වසමේ අංක 477, 6 වන පටුමග, සුන්දරපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර තිබෙනවා.
එහි දී ලක්ෂ හතරක් පමණ වටිනාකමක් ඇති අයිස් ග්රැම් 30, මිලි ග්රැම් 830 ක් සන්තකයේ තබාගෙන සිටි සුන්දරපුරම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඊච්චන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.