එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක Marc-André Franche මහතා අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබෙනවා.
මෙහි දී Marc-André Franche මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ සුබපැතුම් ද නව ජනාධිපති වෙත පිරිනමා තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ව්‍යාපාරය තුළ වූ සදාචාරාත්මක ස්වභාවය මෙහි දී මාර්ක් ඇන්ඩෘ මහතා පැසසුමට ලක් කර ඇති අතර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දූෂණ විරෝධී වැඩපිළිවෙළ පිළිබඳව ද ඇගයීමට ලක්කර තිබෙනවා.
එම ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දෙන බවට ද ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන් ම මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් මහතා තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ දරිද්‍රතාව තුරන් කිරීමේ ප්‍රයත්නයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙන බවයි.
එමෙන් ම රට තුළ තිරසාර සාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන මෙම මුලපිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබා දෙන බව ද පවසා තිබෙනවා.