/
/
title icon සරුවට වගා කර තිබූ ගංජා හේනක් තණමල්විල දී අත්තඩංගුවට
සරුවට වගා කර තිබූ ගංජා හේනක් තණමල්විල දී අත්තඩංගුවට
Presila Sandaruwani
1 month ago
Share:
සරුවට වගා කර තිබූ ගංජා හේනක් තණමල්විල දී අත්තඩංගුවට

තණමල්විල පොලිස් වසමේ පළුගස්වැව නාග ලෙන ආරණ්‍ය සේනාසනය අසල ප්‍රදේශයේ දී ඉතා සුක්ෂම ලෙස සරුවට වගාකර තිබු ගංජා හේනක් ඩ්‍රෝන කැමරා තාක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත උඩවලව කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පි.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තණමල්විල පොලිස් වසමේ පළුගස්වැව නාග ලෙන ආරන්‍ය සේනාසනය අසල ප්‍රදේශයේදි මෙසේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙසේ අත්අඩංගුවට ගත් ගංජා ගස් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා ගස් සාම්පල් තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඉතිරි ගංජා ගස් සියල්ල ගිණි තබා විනාශ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required