/
/
title icon මෛත්‍රීගේ පුත් දහම් සහ රාජිකා දිලිත්ගේ සහායට
මෛත්‍රීගේ පුත් දහම් සහ රාජිකා දිලිත්ගේ සහායට
Editor
1 month ago
Share:
මෛත්‍රීගේ පුත් දහම් සහ රාජිකා දිලිත්ගේ සහායට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන මහතා අද මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණා.

කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදී මෙම එක්වීම සිදුවුණා. 

එම අවස්ථාට පක්ෂ නායක දිලිත් ජයවීර මහතාද එක්ව සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මියව මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් නායිකාව ලෙස සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත්කෙරුණා.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාව මව්බිම ජනතා පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙසයි පත් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required