/
/
title icon කොරියානු එක්සීම් බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහය
කොරියානු එක්සීම් බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහය
Presila Sandaruwani
1 month ago
Share:
කොරියානු එක්සීම් බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහය

කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාව අද ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර එහි දී ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට ඔවුන් එකඟතාවය පළ කර තිබෙනවා.

මෙරට ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේ දී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දුන් මූල්‍ය සහාය 2022 -2024 වසරවල දී අත්හිටුවා ඇති අතර එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහන පොලී ණය ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ ආර්ථික වශයෙන් ඵලදායී වැඩසටහන් සඳහා ද ඉදිරියේ දී මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තු වන බව ද තව දුරටත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

කොරියානු එක්සීම් බැංකුවේ අධ්‍යක්ෂ  Won-suk HA, නියෝජ්‍ය අධ්‍යක්ෂ  Hanui Han, ව්‍යාපෘති කළමනාකාර නලින් ජයතුංග යන පිරිස මෙම අවස්ථාවට එක් වූවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required