ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දී වැඩ භාර ගනු ලැබුවා.
අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී එතුමා සඳහන් කර සිටියේ ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි.
පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවතුණ සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියේ දී සිදු නොවන බව ද ජනාධිපතිවරයා තව දුරටත් සඳන් කර සිටියා.
ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දෙනු ලැබුවේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් වන අතර රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වන බවයි.
පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අවශ්‍ය බව ද, ඉදිරි දින 40ක කාලය සංක්‍රාන්තික කාලයක් වන අතර එම කාලය තුළ රාජ්‍ය සේවාව බිඳ නොවැටී පවත්වාගෙන යාමට රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතු බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වූ පිරිස ඉදිරියේ ප්‍රකාශ කර සිටියා.
ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මෙම අමාත්‍යංශ සඳහා නව අමාත්‍යවරුන් පත් කරන බවට ද ජනාධිපතිවරයා ඉඟි පළ කළා.