/
/
title icon චුට්ටං උක්කුං
චුට්ටං උක්කුං
Thamalee Pathiraja
2 weeks ago
Share:
චුට්ටං උක්කුං

"චුට්ටං උක්කුං" නම් වූ ළමා චිත්‍රපටය සිනමා කරළියට රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධති අතරින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සමත් වී තිබේ.මෙරට විශ්වවිද්‍යාලයක් මගින් නිර්මාණය කරන ලද ප්‍රථම ළමා චිත්‍රපටය ලෙස එය ඉතිහාසයට එක් කිරීමට ඔවුන් සමත්ව ඇත. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ ඩිජිටල් සිනමා උපාධි පාඨමාලාවෙහි අවසන් වසර සිනමා නිෂ්පාදනයට  අදාළ විභාගය අරමුණු කොට ගනිමින් "චුට්ටං උක්කුං" ළමා චිත්‍රපටය නිර්මාණය කරනු ලබයි.ලෝක ළමා දිනය වන ඔක්තොම්බර් පළවෙනි දා සිට "චුට්ටං උක්කුං" ළමා චිත්‍රපටයේ තේමා ගීතය  "කං කං බුරු" යූටියුබ් නාලිකා හරහා නැරඹීමට අවස්ථාව හිමි කර දී තිබේ.

ශ්‍රී ලාංකේය සිනමාව නම් වූ අපූර්ව කලාව තුළ ළමා චිත්‍රපට ලෙස පවතින්නා වූ චිත්‍රපට බොහෝමයක වැඩිහිටියන්ගේ සිතුම් පැතුම්  ඇසුරෙන් ළමා ලෝකය නිර්මාණය කිරීමට උත්සාහ කර තිබේ.නමුත් මෙම  චිත්‍රපටය ළමා දෘෂ්ටිකෝණයෙන්(ළමයා ළමා ලෝකය දකින ආකාරයෙන්) යුතුව නිර්මාණය වී ඇත. ආචාර්ය මණ්ඩලයේ අනුදැනුම මත " ලෝකෙ හොඳම කෙනා" සංකල්පය පෙරටු කරගනිමින්, ගොඩනැගෙන සමාජයට වචනයේ පරිසමාප්තියෙන්ම අර්ථ සැපයීම මෙයින් ඉටු කරලයි.

ඒ උදෙසා ළමයෙකුගේ මනෝභාවය ඒ ආකාරයෙන්ම විදහා දැක්වීමටත්, වයස අවුරුදු නමය වයසදී පාසල් දරුවකු ලෝකයේ හොඳම කෙනා සොයා යමින් සිටින වීර චාරිකාවක් ළමා ලෝකය පෙරටු කොට ගෙන විදහා පෑමක් මෙම චිත්‍රපටයේ අන්තර්ගත වෙයි.

           "කං කං කං කං කං කං බුරු

          සින් සින් සින් සින් සින් සින් නෝරු "      

           "දුවලා දුවලා දුවලා ගිහින් 

            කවුදැයි කියලා සොයලා කියන් "

         "හොඳම කෙනා කවුද කියා සොයමු යාළුවේ 

         ලෝකෙ ඉන්න හොඳම කෙනා වෙමු ද යාලුවේ "

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ පවතින විෂමතාවය සහ දරුවන්ගේ පරිකල්පනයට එල්ල කරනු ලබන බලපෑම සහ යම් රාමුවකට කොටුවූ මනෝභාවයක රඳා පවතින පුද්ගලයකු වීමේ කලාවෙන් ඔබ්බට ගොස්  ස්වභාදහමට ලැදිව ගොඩනැගෙන ළමා පරපුර පිළිබඳව ගෙනහැර දක්වමින් මෙකී චිත්‍රපටය සිනමා කලාවෙහි අරුත්බර සමාජයක් ඇති කරලීමට හේතු සාධක වන සාර්ථක ළමා චිත්‍රපටියක් කරලීම ඔවුන්ගේ අරමුණයි."චුට්ටං උක්කුං" ළමා ලෝකයේ  ළමා චිත්‍රපටය ඉතා ඉක්මනින් රිදී  තිරය තුළ දැකගැනීමට අවස්ථාව උදාකර ලීමට ඔවුන් බලාපොරොත්තු වේ.

ලහිරු කරුණාතිලක ,මදුෂානි පෙරේරා, ඉමේෂා අබේසේකර, චතුමිණි දිනෙල්කා, ධනංජනී බදුරළියගේ ,හිරුණි රත්නායක, චාපා ජනන්දනී, සඳුනි හංසනී, සමාධි නිශ්ශංක ,සචිනි දිල්හානි, චතුරිකා ලක්මාලි, සංජුලා රාජ මන්ත්‍රී 

පිළිවෙලින් පළමු නමෙහි සිට (අධ්‍යක්ෂණය ,තිර රචනය ,සහය අධ්‍යක්ෂණය, සහාය අධ්‍යක්ෂණය, නිෂ්පාදන කළමනාකරු ,නිෂ්පාදන කළමනාකරු ,කලා අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, කැමරාකරණය ,ඇඳුම් නිර්මාණය ,වේශ නිරූපණය ,සංස්කරණය)

තමාලී පතිරාජ.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required