මාධ්‍ය කලාව යනු, ගතිකත්වය යුතුව විකාශනය වන්නකි.සිත් ඇදගන්නා සුළු නිර්මාණ කිරීම සඳහා විවිධාකාරයේ ඩිජිටල් හා තාක්ෂණික භාවිතයන්ගේ ඒකාබද්ධයෙකි.වීඩියෝ කලාව, අන්තර් ක්‍රියාකාරීත්වය, ශබ්ද කලාවන් හා අතත්‍ය යථාර්ථය යනාදී පුළුල් පරාසයක පවතින කලාත්මක ප්‍රකාශන අන්තර්ගත වේ. එහි හරය ලෙස මාධ්‍යය කලා තාක්ෂණය හුදෙක් මෙවලමක් ලෙස නොව මාධ්‍යයක් ලෙස භාවිත කරයි. කතෘත්වය, ප්‍රේක්ෂකත්වය සහ කලාවේ ස්වභාවය පිළිබඳව සම්ප්‍රදායික සංකල්පයට අභියෝගයක් එක් කරනු ලබයි.
මාධ්‍ය කලාවේ අන්තර් ක්‍රියාකාරීත්වය බොහෝ විට ස්ථතික අත්දැකීමක් ලබාදෙන සම්ප්‍රදායික කලා මෙන් නොව, එය මාධ්‍ය කලාව සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලබා දී තිබේ. මෙම අන්තර් ක්‍රියාකාරීත්වය ප්‍රේක්ෂකයින් සහ කලාකෘති අතර අද්විතීය සම්බන්ධතාවය ගොඩනගමින් නව අර්ථාන්විත බවක් එක් කරයි.
එපමණක් නොව මාධ්‍ය කලාව බොහෝවිට තාක්ෂණය, අනන්‍යතාවය සහ සමාජය යන තේමාවන් ඔස්සේ ගවේෂණය සිදු කරනු ලබයි. වර්තමානයේ වැඩිමනක් පමණ නිරීක්ෂණය, මානව සබඳතා කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම ,යන සමකාලීන ගැටලු කෙරෙහි අදහස් දැක්වීමට කලාකරුවන් ඩිජිටල් මෙවලම් භාවිතා කිරීම දක්නට ලැබේ.
තාක්ෂණය අඛණ්ඩව දියුණුවන විට, මාධ්‍ය කලාව නව්‍යකරණයේ ඉදිරියෙන්ම සිටියි.නිරන්තරයෙන් සීමා මායිම් අභිබවා යමින් කලාත්මක භාවිතයන් නැවත අර්ථකථනයන් ගොඩනංවයි. මෙම ප්‍රභේදය සංස්කෘතික යුගවාදය පිළිබිඹු කරනවා පමණක් නොව, එය සමකාලීන කලාවේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. කලාවේ හා තාක්ෂණයේ අද්විතීය වෙනස්කම් හේතුවෙන් මාධ්‍ය කලාව වැඩි වැඩියෙන් ඩිජිටල් ලෝකයක යථාර්ථය, නිර්මාණශීලීත්වය සහ ඒ පිළිබඳ සංජානනයක් ගොඩනංවාලයි.
තමාලී පතිරාජ.