
ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්තය යනු,දිවයිනේ පොහොසත් උරුමය සහ විවිධ ප්‍රජාවන් පිළිබිඹු කරන සංස්කෘතිය, සම්ප්‍රදාය, කලාත්මක බව පිළිබඳ විචිත්‍රවත් වූ අංගයෙකි.මෙහි සෑම කලාවක්ම පරම්පරාවෙන් පැවත එන කුසලතා මූර්තිමත් කරමින් කතාවක් විදහා දක්වයි සංකීර්ණ ලෙස කැටයම් කළ ලී වැඩවල සිට සිත් ඇදගන්නා සුළු අලංකාර මෝස්තර රෙදිපිළි දක්වා මෙකී අත්කම් කලාව හා භාණ්ඩ පමණක් නොව අනන්‍යතාවය හා ශිල්පීයත්වය විදහා දක්වා තිබේ.
මෙරට හස්ත කර්මාන්ත ලෝකයේ සිත් ඇඳගන්නා සුළු රටා නිර්මාණය කැපී පෙනෙන අතර ඒවා බදෙක් නිර්මාණ කලාව තුළ වඩාත් දක්නට ලැබේ. එම සෑම විචිත්‍රවත් පැහැයක් හා සංකීර්ණ මෝස්තරයන් දිවයිනේ සශ්‍රීක භූ දර්ශනවල සහ වර්ණවත් උත්සවවල සාරය පිළිබිඹු කරයි.
බොහෝ විට දිවයිනේ වනාන්තරවලින් ලබා ගන්නා ලී ,අත්කම් ශ්‍රී ලාංකේය කලාත්මක බවේ තවත් කැපී පෙනෙන ලක්ෂණයකි. දක්ෂ ශිල්පීන් විසින් අමුදැව උපයෝගී කර ගනිමින් අලංකාර වෙස් මුහුණු, සංකීර්ණ මූර්ති, කැටයම් සම්ප්‍රදායන් ශිල්පීය ක්‍රමවේදයන්ට ගරු කරමින් ඒවා නිර්මාණය කරයි. විචිත්‍රවත් වර්ණ හා මෝස්තර වලින් සරසා ඇති වෙස්මුහුණු, අලංකරණයට පමණක් නොව දේශීය චාරිත්‍ර වාරිත්‍ර සහ දේශීය සම්ප්‍රදායික කලාවන්ට හා ශාන්ති කර්මයන් උදෙසා ද ප්‍රසංගවලදී ජනප්‍රියත්වයට ජීවය ගෙන දෙමින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරලයි.
ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්තයේ චමත්කාරය රඳා පවතිනුයේ එහි අව්‍යාජත්වය තුළය.මෙම සෑම අංගයක් හරහාම සංස්කෘතික විවිධත්වයට සාක්ෂියක් එක් කරයි. ලෝකය තුළ මහා පරිමාණ නිෂ්පාදන වැඩි වැඩියෙන් පවතින අතර ලාංකේය හස්ත කර්මාන්තය හරහා ව්‍යාපාර ලෝකයට ගමන් කරයි.එය මගින් ජනතාවගේ ආත්මය හා ඔවුනගේ කතාවන්ගෙන් සාදන ලද කලාත්මක බවේ සුන්දරත්වය මින් සිහිගන්වයි.
සංචාරක කර්මාන්තය හරහා දේශීය අත්කම් කලාව පෝෂණය වීම දක්නට ලැබේ. විදේශීයන්ගේ ආකර්ෂණය දිනා ගනිමින් ගොඩනැගෙන මෙකී කලාවන් දේශීය උරුමයන් ලෙස පවතී.
තමාලී පතිරාජ.