/
/
title icon මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප බඳී
මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප බඳී
Editor
1 month ago
Share:
මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප බඳී

ස්වාධීන කණ්ඩායම් 122 ක් 2024 මහ මැතිවරණය අදාළව ඊයේ දිනය වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

ඒ අනුව ස්වාධීන කණ්ඩායම් 36 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. 

මේවන විට මැතිවරණ කොට්ඨාස 22 න් 21 ක් සඳහා ස්වාධින කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇති අතර, මාතලේ මැතිවරණ කොට්ඨාසය සඳහා කිසිදු පාර්ශවයක් ඊයේ දිනය වනවිටත් ඇප මුදල් තැන්පත් කර තිබුණේ නැහැ.

නාමයෝජනා භාර ගැනීම ආරම්භ කෙරුණු ඊයේ දිනයේදී ජනසෙත පෙරමුණ යාපනය සහ වන්නි මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් නාමයෝජනා භාර දී තිබූ අතර, ස්වාධීන කණ්ඩායම් තුනක්ද ඊයේ නාමයෝජනා භාර දී තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required