
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එසේම ලොකු ළුෑණු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා රුපියල් 10 කින්ද, රුපියල් 10ක්ව පැවති ආනයනික ලොකු ළුෑණු බද්ද රුපියල් 30 දක්වා රුපියල් 20 කින්ද ඉහළ නැංවෙනු ඇති.