/
/
title icon
මහා පරිමාණයෙන් කසළ තේ ජාවාරම් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට
මහා පරිමාණයෙන් කසළ තේ ජාවාරම් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Wasana Wickramasingha
4 months ago
Share:
මහා පරිමාණයෙන් කසළ තේ ජාවාරම් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

බුලත්සිංහල පොලිස් වසමේ දෙහිකඩේ හංදිය ප්‍රදේශයේ, මහා පරිමාණ කසළ තේ ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට පත්ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකා හොරණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ ග්‍රෑම් 10,360 ක් ගබඩා කරගෙන සිටි අවුරුදු 35 ක් වයසැති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සිලෝන් ටී නමින් ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ තේ සඳහා ඇති ඉල්ලුම වේගයෙන් පහත වැටීමට මෙම කසළ තේ ජාවාරම් ද ප්‍රබල හේතුවක් වී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වනවිට විශේෂ කාර්ය බලකාය මෙවැනි වැටලීම් බොහෝමයක් සිදුකරමින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සුරකීමට සෘජු දායකත්වයක් ලබා දෙමින් සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required