දේශපාලනඥයින්, රාජ්‍ය නිළධාරීන් සහ හමුදා නිළධාරීන් ඇතුළුව පුද්ගලයන් හත් දෙනෙකුට අයත් දේපළ අත්හිටුවීමට අදාළ නීතිමය පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කටයුතු කරමින් සිටිනවා.
මෙම පුද්ගලයන් හත් දෙනා, ඔවුන්ගේ වැටුපෙන් උපයා ගත නොහැකි ආකාරයේ දැවැන්ත ධනයක් උපයාගෙන ඇති අතර එම ධනය පවුලෙන් හෝ සමීප ඥාතීන්ගෙන් උරුම වූ බව පවසමින් සිටිනවා.
කෙසේ වෙතත්, එම ප්‍රකාශ දැනට සිදු කර තිබෙන විමර්ශනවලට අනුකූලව පිළිගත නොහැකි බවයි කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම පුද්ගලයන් හත් දෙනාට අමතරව, වත්කම් උපයාගත් ආකාරය හෙළි කරගත නොහැකි වූ පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරු දෙදෙනෙකු සහ කුරුදුවත්තෙ සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් ඇමති රියැදුරෙකු සම්බන්ධයෙන් ද , කොමිසම පුළුල් විමර්ශන අරඹා තිබෙනවා.