ලේකම්වරයා සම්බන්ධයෙන් පවතින අර්බුදය නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට නාමයෝජනා ලබාදීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
එසේම එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ යන දේශපාලන පක්ෂවලට ද මෙවර එම අවස්ථාව අහිමිවී තිබෙනවා.
කෙසේ වෙතත් , මෙම පක්ෂවල ලේකම්වරු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව අදාළ පක්ෂවලට දැනුම්දී තිබෙනවා.