රජය ඉතා සැලසුම් සහගතව විරුද්ධවාදීන්ගේ සහ රටේ ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.
ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති නමුත් පසුගිය කාලයේදී දැඩි ජීවිත තර්ජනයන්ට මුහුණ දී සිටි මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම ගැටලුවක් බවයි.
යම් පුද්ගලයෙකුගේ ආරක්ෂාව ඉවත් කරන්නේ නම් නිසි ඇගයීමක් කළ යුතු බවත් අදාළ පුද්ගලයාට තර්ජනයක් නොමැති බවට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ සහතික කිරීමෙන් පසුව ලබා දී ඇති ආයුධ ආදිය නැවත ලබා ගැනීම සිදුකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.