/
/
title icon අසත්‍ය පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අසත්‍ය පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Kavindi Yaggahavita
1 month ago
Share:
අසත්‍ය පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ පාසල්වල දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නතර කර ඇති බවට පසුගිය දින කිහිපය තුළ විවිධ තොරතුරු පැතිර ගොස් ඇති බවය.

එම වාර්තා සියල්ල අසත්‍ය බවත් පාසල් ළමුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් තිලකා ජයසුන්දර මහත්මිය පවසා තිබෙනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ   අදාළ වැඩසටහන ලබන වසර දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද පවතින බවය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required