වැඩි කළ පොහොර සහනාධාරය ලබාදීම එළැඹෙන සදුදා අම්පාරෙන් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඒ අනුව, පළමු අදියරේදී රුපියල් 15,000 ක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000 ක් ලබාදීමට නියමිතයි.
අම්පාරෙන් අනතුරුව පොළොන්නරුව, අනුරාධපුරය, මහවැලි කලාපය ඇතුලු දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට ද එම සහනාධාරය ලබාදීමට නියමිත බව, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළා.