හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දී තිබෙනවා.
මෙම නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීමට, පෙර පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවත් එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින්ම වන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කරනවා.
මහින්ද අමරවීර මහතා පවසන්නේ ඒ අනුව මෙම නිල නිවාසය කොළඹ සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට අදාළ සියලු ලිපි කටයුතු අවසන් කර ඇති බවයි.