2024 මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ තමන් ජාතික ලැයිස්තුවෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි
"අපේ ස්ථාවරයේ තමයි කුමන එකඟතාවයකට පැමිණියත් අපි එන්නේ පක්ෂයක් හැටියට කුමන විරෝධතා පැමිණියත් අපි හරි දේ තමයි කරන්නේ.
හරි දේ තමයි ජාතික ජන බලවේ ආණ්ඩුව ආරක්ෂා කිරීම. මගේ ජිවතය තියෙන තාක්කල් මම මගේ පක්ෂයට නායකත්වය ලබා දෙනවා.මම මැතිවරණයට තරඟ කරන්නේ නැති වෙන්න පුළුවන් නමුත් මම මැතිවරණ තරගයට මොන පැත්තෙන් හරි ඇතුලත් වෙනවා.වැඩි දුරටත් සඳහන් කරොත් මම ජාතික ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා."