හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක මහතා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ නමින් නව පක්ෂයක් ආරම්භ කර තිබෙනවා.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී රන්ජන් රාමනායක මහතා මෙම නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීම සිදු කළා.
නව පක්ෂය මයික්‍රෆෝනය ලකුණින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්ව ඇති අතර , ඊට පෙර ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතයි.
තමා පිරිසිදු ,නැවුම් පක්ෂයකින් ඉදිරියට පැමිණ ඇති අතර ජනතා සේවයට තම ජීවිතය කැප කිරීමට සූදානමින් පසුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.