විශේෂ කාර්ය බලකායේ බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.ජී.සී.කේ. රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් බන්ධනාගාරයේ විශේෂ අංශයේ D කොටසේ අංක 78 සිරමැදිරියේදී සොයා ගැනීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, එම සිර මැදිරියේ රඳවා සිටින එච්.එම්. තුෂාර නමැති රැඳවියා සන්තකයේ තිබී යතුරු පුවරුව සහිත (කී පෑඩ් සහිත) කුඩා ප්රමාණයේ ජංගම දුරකථනයක් සහ සිම්පතක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත එම ජංගම දුරකථය සහ සිම්පත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ