පොලිස් ස්ථාන වෙත වාර්තා වන විවිධ පැමිණිලි නොපමාව විභාග කිරීමට හා මෙතෙක් විභාග කර නොමැති පැමිණිලි සති දෙකක් ඇතුළත විභාග කර අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් , කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
පොලිස් ස්ථාන වෙත සුළු සිද්ධියක් වශයෙන් වාර්තා වන පැමිණිල්ලක් අපරාධයක් බවට පත්වීම වළක්වා ගැනීම , පොලිසිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය පළුදුවීම් අවම කර ගැනීම වැනි අරමුණු මත මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ අනුව, මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි වාර්තා වූ දිනයේම විභාග කිරිම ආරම්භ කිරීමටත් පැය 48 ක් ඇතුළත විභාග අවසන් කිරීමටත් උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.