එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වැදීමට ජනප්රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇය සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් නාම යෝජනා ලැයිස්තුව සඳහා අත්සන් තබා ඇති බවයි සඳහන් වන්නේ.
වරප්රසාද සියල්ල කපා දමන බවට ප්රකාශ කරන පසුබිමක තමන් ජනතාව වෙනුවෙන් පෙරමුණට පැමිණි බව දමිතා අබේරත්න මහත්මිය වැඩිදුරටත් පවසනවා.
මේ අතර,පසුගිය කාලයේ තමන් විසින් සිදු කළ ඇතැම් ප්රකාශ නිසාවෙන් කිසිවකුගේ සිත් රිදුනේ නම් ඒ සම්බන්ධයෙන් ද සමාව ඉල්ලා සිටින බව ඇය ප්රකාශ කරනවා.