වසර 36ක පාර්ලිමේන්තු දිවියේ අවසානය සනිටුහන් කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරනවා.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් 76 හැවිරිදි ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ දශක ගණනාවක දේශපාලන සේවයෙන් පසු තමා විවේක ගැනීමට අදහස් කරන බවයි.
කෙසේ වෙතත්, ඔහුගේ දියණිය වන චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය මෙවර සමගි ජන බලවේග යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සූදානමින් සිටිනවා.